සහල් අර්බූදය

Post Reply
kamal
Posts: 99
Joined: Wed Dec 30, 2020 2:34 pm

සහල් අර්බූදය

Post by kamal »



වර්තමානයේ වෙළඳපොලේ යම් සහල් හිඟයක් පවතින බව මාතෘකා ඇතිව කර ඇති ඉහත වීඩියෝවේ දැක්වෙන සාකච්ඡාව සහල් නිපදවීමේදී ඇතිව ඇති ව්‍යාකූලතා පිළිබඳව හරවත් අදහස්වලින් යුක්තයි. සිරස මාධ්‍ය ජාලයේ TV1 නාලිකාවේ ජාතික මෙහෙවර සාකච්ඡාවේදී අදහස් ඉදිරිපත් කරන්නේ ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සහ එහි අධ්‍යාපන ලේකම් කේ. පී. ඩී. කරුණානායක යන මහත්වරුන්.

වී සඳහා සාධාරණ මිලක් ගොවියාට ලැබීමත්, දැරිය හැකි මිලකට පාරිභෝගිකයාට සහල් ලබාගැනීමට හැකිවීමත් යන කරුණු දෙකම වැදගත්. ගොවියා, මෝල් හිමියා, පාරිභෝගිකයා සහ රජය අන්‍යෝනය අවබෝධයෙන් සහ සහජීවනයෙන් කටයුතු කිරීමේ වැදගත්කම සාකච්ඡාවෙන් ඉස්මතු කෙරෙනවා.

මනා විශ්ලේෂණයක් ඇතිව රජය විසින් කළ යුතු පාලනය (governance) ප්‍රමාණවත් අයුරින් සිදු නොවන නිසා ගැටලුකාරී තත්වයන් හටගෙන ඇති බවයි ගම්‍ය වන්නේ.
kamal
Posts: 99
Joined: Wed Dec 30, 2020 2:34 pm

Re: සහල් අර්බූදය

Post by kamal »



රජයේ සහතික මිලට සහල් විකුණන්න බෑ - කුඩා සහල් මෝල් හිමියන්
Post Reply

Return to “කෘෂිකර්මය (Agriculture)”