වචන හරඹයෙන් මිනිසුන්ව මුළාවට පත්කිරීම: වරායේ නැගෙනහිර ජැටිය විකුණනවාද, ආයෝජන ක්‍රමවේදයකට ලක්කරනවාද?
වචන හරඹයෙන් මිනිසුන්ව මුළාවට පත්කිරීම: වරායේ නැගෙනහිර ජැටිය විකුණනවාද, ආයෝජන ක්‍රමවේදයකට ලක්කරනවාද?
ආයෝජනය යනු ලාභ ලැබීමේ අරමුණින්, වෙනයම් ප්‍රයෝජනවත් ප්‍රතිඵල ලැබීමේ අරමුණින් හෝ මේ දෙකම ලැබීමේ අරමුණින් මුදල්, සම්පත් හෝ මුදල් හා සම්පත් යන දෙකම යම් ව්‍යාපාරයක, ව්‍යාපෘතියක හෝ කටයුත්තක යෙදවීම යැයි අර්ථ දක්වන්න පුළුවන්.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජැටියේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ යම් සමාගමට 49% කොටස් දී යම් මුදලක් ලබා ගන්නවා නම් එම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා රජය විසින් කෙරන ආයෝජනයට සම්බන්ධව අදාළ සමාගම විසින් කෙරෙන ආයෝජනයක් ද පවතිනවා. අදාළ කොටස් දීම ආයෝජන ක්‍රියාවලිය තුළ රජය විසින් කරනු ලබන විකිණීමක්. අදාළ කොටස් ලබා ගැනීම ආයෝජන ක්‍රියාවලිය තුළ එම සාමාගම විසින් කරනු ලබන මිල දී ගැනීමක්.