19 වන සංශෝධනය ඇතුලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙසේ සඳහන්:විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ගෙදර එන්න විදේශ අමාත්‍යාංශ අනුමැතිය ඕනෑ
ගුවන් තොටුපොළ යළි විවෘත කරනු ලැබුවත් විදේශ ගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ට සිය මව්රටට පැමිණීම සඳහා තවමත් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇත.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති ජනක විජයපතිරණ මහතා ප්‍රකාශ කළේ දැනට දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් විදේශ අමාත්‍යාංශයේ අනුමැතිය මත පැමිණි බවයි.
විදේශිකයන් සඳහා එවැනි අනුමැතියක් අවශ්‍ය නොවන අතර විදේශවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම නියමය ක්‍රියාත්මක වන බවද විජයපතිරණ මහතා ප්‍රකාශ කළේය.
ජනතාව, රජය සහ පරමාධිපත්‍යය 4 (ඈ): ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරුනු ලැබිය යුත්තේ ය; ආරක්ෂා කරනු ලැබිය යත්තේ ය; වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය;
මූලික අයිතිවාසිකම් 14 (1) (ඒ): සෑම පුරවැසියෙකුට ම ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.