ලිපියේ ඒ වදන් කියවන විට මගේ සිතට ආවේ එහෙම නම් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයාටත් ඒ පවසා ඇති දෑ අදාළ විය යුතු නොවේ ද යන්නයි. සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා නම් ඒ මහතාගේ කුසලතාවය, දක්ෂතාවය සහ හැකියාව කවරාකාර ද?ප්‍රේමදාසලා, සේනානායකලා , රාජපක්ෂලා කියා වගකීම් ප්රදානය කිරීමක් සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ සිදු නොවන බවත් ඒ වෙනුවට කුසලතාවයට, දක්ෂතාවයට, හැකියාවට තැන ලබාදී රටත් ජනතාවත් දිනවන යුගය බිහිකරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
පොදුවේ අනෙකුත් ජනාධිපති අපේක්ෂකයින් ගැනත් මේ මානයන්ට අදාළව සිතා බැලීම වටිනවා. ජනාධිපතිවරයෙකු තෝරා පත්කර ගැනීමේ දී ඡන්ද දායකයින් විසින් සලකා බැලිය යුතු ජනාධිපති අපේක්ෂකයෙකුගේ තිබිය යුතු සුදුසුකම් මොනවා ද, ජනාධිපති වීමට සුදුසු යැයි සෑහීමට පත්විය හැකි අපේක්ෂකයෙකු එම සුදුසුකම් කෙතරම් දුරට සපුරා තිබිය යුතුද?